FAST NEWS

24×7 Around the Globe

අද දිනය තුළ විදුලි කප්පාදුවක් නැහැ –  CEB

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (15) දිනය තුළ විදුලි කප්පාදු කිරීමක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, හදිසි බිඳ වැටීමක් සිදු නොවුණහොත් අද දිනය තුළ අඛණ්ඩව විදුලි සැපයුම පවත්වා ගෙන යා හැකි බව ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් විදුලි උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රින් ටොන් 3,000ක ප්‍රමාණයක් ලබා දීම හේතුවෙන් මෙලස අද දිනය තුළ විදුලි සැපයුම අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.