FAST NEWS

24×7 Around the Globe

සම්පූර්ණ ධාරිතාවයෙන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ධාරිතාවයෙන් යුතුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත්, මේ වනවිටත් 50% ක ධාරිතාවයකින් යුතුව ශිෂ්‍යයින් සරසවි සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ.

එහෙත් සම්පූර්ණ ධාරිතාවයෙන් වහාම විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.