FAST NEWS

24×7 Around the Globe

ආසන වෙන් කිරීම්වලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි දින වෙනුවෙන් කලින් ආසන වෙන් කිරීමේ කාර්යයන් අද (12) දින සිට සිදු නොකරන බව, දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව, දෛනිකව ධාවනය වන දුම්රිය සඳහා පමණක් ආසන වෙන් කිරීමේ කටයුතු සිදුකරන බවයි, එම සංගමය නිවේදනය කළේ.

දුර ගමන් සේවා දුම්රිය ධාවනය නිසි ලෙස ආරම්භ කිරීමට බලධාරින් අපොහොසත් වීම හමුවේ දුම්රිය මගින් පත්වන අපහසුතාවය සලකා බලා මෙම තීරණයට එළඹි බව, දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් සඳහන් කළා.