FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් එනම් 2023 දක්වා දිර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව එම පළාත් පාලන ආයතනවල නිල කාලය 2023 මාර්තු මස 19 දා තෙක් වලංගු වෙයි.