කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව ඔහු දින 20ක පමණ කාලයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක කියා සිටියේ.

කිත්සිරි කහටපිටිය මියයනවිට 60 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ද වනවා.

COMMENTS

Wordpress (0)