FAST NEWS

24×7 Around the Globe

වරාය නගරයේ වරාය මංතීරුව අද සිට ජනතාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය නගරයේ මහජන මංතීරුව අද සිට දිනපතා ජනතාව සඳහා විවෘතව පවතිනවා.

ඒ අනුව එය, පෙරවරු 9 සිට පස්වරු හය දක්වා ජනතාව සඳහා විවෘතව පවතින අතර ඒ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇති පිවිසුම භාවිත කළ හැකියි.

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය සහ මහජන මංතීරුව ඊයේ විවෘත කෙරුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික, විදේශ අමාත්‍ය වෑන්ග් – යී සහභාගි වූ උත්සවයකදි යි.