අයවැය 2016- විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (20) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදි ආරම්භ වීමට නියමිතය.
ඉන් අනතුරුව මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය 21 වෙනි දින සිට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා වෙන්කළ දින ගණන 9කි. දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 02 දින සවස 5.00ට සිදු කෙරේ.
කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් 03 දින සිට ආරම්භ වන අතර ඒ සඳහ දින 15ක් වෙන් කර තිබේ. තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 19 දින ප.ව. 5.00ට සිදු කිරීමට නියමිතය.
“අයවැය කථාව ” සජීවි විකාශය පහතින්.







