චීන විදේශ ඇමති අද දිවයිනට

චීන විදේශ ඇමති අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද දිවයිනට පැමිණෙනවා.

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද මීට සමගාමීව සිදුවන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙන්නේ.

සිය සංචාරය තුළදී චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජයේ ඉහළම නිළධාරීන් හමුවීමට නියමිතයි.

COMMENTS

Wordpress (0)