FAST NEWS

24×7 Around the Globe

චීන පොහොරවලට මහජන බැංකුව ගෙවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ණයවර ලිපියක් මගින් චීන පොහොර සමාගමකට ඩොලර් මිලියන 6.9ක් ගෙවන බව මහජන බැංකුව පවසයි. එහි සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ එම මුදල අද දිනයේ ගෙවීමට කටයුතු කරන බවයි.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පනවා තිබූ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් එම මුදල ගෙවීමට තීරණය කළ බවයි මහජන බැංකුව ප්‍රකාශ කළේ.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පල් දෙකක හානිකර ක්ෂුද්‍ර ජීවීන් හඳුනා ගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.

දීර්ඝ කාලයක් දිවයින වටා යාත්‍රා කළ පොහොර නෞකාව දෙසැම්බර් 4 වැනිදා බේරුම්කරණ අධිකරණයකට යන බව පවසමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත්ව ගියේය.