රනිල්, කථානායකගෙන් කළ විශේෂ ඉල්ලීම

රනිල්, කථානායකගෙන් කළ විශේෂ ඉල්ලීම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන 18 වනදා පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිදුකරන මූලාසන කතාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම සිදුකර තිබුණි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට පසුගිය දෙසැම්බර් 13 වනදා තීරණය කළ අතර ජනවාරි 18 වනදා පාර්ලිමේන්තුවේ මීළඟ වාරය නැවත ආරම්භකිරීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය ජනවාරි 19, 20 හෝ 21 යන දිනවලදී පැවැත්විය හැකි බවයි.

COMMENTS

Wordpress (0)