FAST NEWS

24×7 Around the Globe

ජනපති දළදා වහන්සේ වැඳ පුදාගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණ.

මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් ලැබිණ. ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.