FAST NEWS

24×7 Around the Globe

අගමැතිධූරය ගැන නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගමැතිධූරය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අද (03) උදෑසන නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවය.

රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.