බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය උත්සව සමයේ දී ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිය බිත්තර හා කුකුළු මස් මිල මේ වනවිට පහත බැස තිබෙනවා.

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ, රුපියල් 750ක් ව පැවති කුකුළු මස් කිලෝවක් රුපියල් 700ත් 690ත් අතර මිලකට මේ වනවිට අලෙවි වන බවයි.

ඒ අනුව කුකුළු මස් මිල රුපියල් 50ත් 60ත් අතර අගයකින් අඩු වී තිබෙනවා.

මේ අතර, බිත්තරයක මිල ද රුපියල් 3කින් අඩු වී ඇති අතර, රුපියල් 26ක් ව පැවති බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 23කට යි.

COMMENTS

Wordpress (0)