FAST NEWS

24×7 Around the Globe

මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනික සියලුම මත්පැන් බෝතල් සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් දැනට වෙළඳපලට නිකුත් කර ඇති මත්පැන් තොග අවසන් කරගැනීමට හෝ ඒවාට ද ස්ටිකරය ඇලවීමට ලබන අප්‍රේල් මාසය වනතෙක් අවසර දෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ.

මත්පැන් මත අයකරන බදු මුදල් වංචාවකින් තොරව රජයට අයකරගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බවද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා.