FAST NEWS

24×7 Around the Globe

පාසල් ආරම්භ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු දෙසැම්බර් නිවාඩුවෙන් පසු අද සිට ආරම්භ කෙරෙනවා.

කෙසේ වෙතත් සිසුන් කාණ්ඩ වශයෙන් පාසල්වලට ගෙන්වීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, අද සිට පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු 20%කින් වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය පවසනවා.