FAST NEWS

24×7 Around the Globe

 IMF පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට මේ වන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික හා ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවාද නැත්ද පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් හෙට (03දා) පැවැත්විමට නියමිත කැබිනට් මණ්ඩල රැස්විමේදි පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයාද කැඳවා ඇති අතර ඔවුන් දෙදෙනාට රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලෙසද දන්වා තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යා යුතු බවට ඇතැම් අමාත්‍යවරැන් සඳහන් කරන අතර තවත් පිරිසක් සඳහන් කරන්නේ එවැනි ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට නොයා යුතු බවයි.

මහ බැංකු අධිපතිවරයාද අවස්ථා කිහිපයකදී සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසි හේතුවෙන් ඔවුන්ගෙන් සහායක් ලබා නොගත යුතු බවයි.