රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව වසර වෙනුවෙන් රැඳවියන්ට විශේෂ ආහාර වේලක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේ, ඒ අනුව උදෑසන ආහාරයට කිරිබත් දහවල් ආහාරයට එළවළු බත් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

දිවයිනේ පිහිටි සියලු බන්ධනාගාරවල අද(01) දිනයේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව සඳහන් කළේ ය.

COMMENTS

Wordpress (0)