FAST NEWS

24×7 Around the Globe

කුමාරිඇල්ලේ දියනෑමට ගිය දැරියකගේ සිරුර සොයා ගැනේ

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) – හංවැල්ල, කුමාරිඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ 14 හැවිරිදි දැරියක⁣ගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (30) රාත්‍රියේ සිදුකළ මෙහෙයුම් අතරතුර එම සිරුර හමුවූ බවය. අතුරුදන් වූ සෙසු පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

දැරියගේ මෘත ශරීරය මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගොස් තිබේ.

14 හැවිරිදි දැරියන් දෙදෙනෙකු සහ 29 හැවිරිදි තරුණියක් දියේ ගිලී එලෙස අතුරුදන් වූයේ ඊයේ (30) පස්වරුවේදීය.

ඔවුන් වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.