FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු වැඩි කිරීම ගැන අවසන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව – බස් හිමියන්ගේ සංගම් සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන අතර එම සාකච්ඡාවේදී අවසන් තීරණය ගැනීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා කියා සිටියේ.