FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර හෙට සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස් ගාස්තු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හෙට දිනයේදී පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ එහිදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

අනවශ්‍යය ආකාරයෙන් බස් ගාස්තු ඉහළ දැමීමට අදහසක් නොමැති බවද ගැමුණු විජේරත්න මහතා මෙහිදී කියා සිටියා.