FAST NEWS

24×7 Around the Globe

රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද (28) පස්වරුවේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහයවනු ලබනවා.

ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.