FAST NEWS

24×7 Around the Globe

ලෝකයට නව අරුතක් ගෙන්න නත්තල අරුත් ගැන්වීම ඔබට භාරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බිඳවැටුණු ලෝකයට නව අරුතක් ගෙන ඒමට මෙන්ම බලාපොරොත්තුවේ සුබ ප්‍රාර්ථනාවන් තුළින් නත්තල අරුත් ගැන්වීම ඔබට භාරවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ, නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මුළු දිවියම කැප කළේ, සමාජයේ පීඩාවට පත්වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් මොලොව නිර්මාණය කිරීම උදෙසා බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, එම දර්ශනය නිසි ලෙස හඳුනාගෙන අධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන චරිතය අනුව සිය ජීවිත හැඩගස්වා ගැනීම තුළ සෑම කිතුණුවෙකුගේම ජීවිත ආලෝකමත් වන බවයි.