FAST NEWS

24×7 Around the Globe

අසල්වැසියා ගැන හැකි පමණ අවදානය යොමු කරන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මානව හිතවාදී හිත් හැදෑරීමක් තුළින් සියලු මනුෂ්‍යයන් කෙරේ ගෞරවයත් , ස්වභාව ධර්මය හා සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයත් ඇති කර ගැනීමේ සුවිශේෂි පණිවුඩය නත්තල් දිනය අපට ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නත්තල් දින පණිවිඩයේ සඳහන් ය.

මේ මොහොතේ අතිශය දුෂ්කර සමයක දිවි ගෙවන ඔබ මෙන්ම ඔබේ අසල්වැසියා පිළිබඳව ඔබට හැකි පමණ අවදානය යොමු කළ හැකි නම්, සැබෑ නත්තලේ අරුත ඔබේ හදවත තුළ සුරක්ෂිත යැයි විපක්ෂ නායකවරයාගේ විශ්වාසයයි.

උතුම්වූත්, මහාර්ඝවූත් ශ්‍රේෂ්ඨ පණිවුඩය රැගෙන ආ ස්වාමි දරුවාණන්ගේ මිනිස් ලොව ජනිත වීමේ සුවිශේෂි දිනය වඩා අර්ථ සම්පන්න ලෙස සමරමු යැයි යෝජනා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලාංකේය මෙන්ම ලෝකවාසි කිතුණු බැතිමතුන්ට අසිරිමත් නත්තල් දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරයි.