FAST NEWS

24×7 Around the Globe

රට පුරා වෛද්‍යවරු තවදුරටත් වර්ජනයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරින් ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (24) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කළේ, පසුගිය 21 වනදායි.

වෛද්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා පැමිණෙන රෝගීහු දුෂ්කරතාවට පත්ව සිටිති.