FAST NEWS

24×7 Around the Globe

නත්තල වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන නත්තල් දිනය වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ‌මහජනයා ඒ්කරාශී විය හැකි ස්ථාන ‌සොයා බලා ඒ් ඒ් ස්ථානවලට අවශ්‍ය පරිදි ‌ආරක්ෂාව යෙදවීමට පොලිස්පතිවරයා දිවයින පුරා ම සිටින ‌‌ජ්‍යෙෂ්ඨ ‌පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය ‌පොලිස්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව ය.

ඒ් අනුව, නත්තල් දිනය තුළ බැතිමතුන් ඒ්කරාශී වන ආගමික ස්ථාන, සාප්පු සංකීර්ණ, කඩ සාප්පු, දුම්රිය ස්ථාන, බස් රථ නැවතුම්පොළ, ආපන ශාලා ආදී ස්ථානවලට අවශ්‍ය පරිදි ආරක්ෂාව සලසන බව ද ඔහු පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ‌පොලිස්පති උපදෙස් පරිදි ඇතැම් විට ‌පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් ද ‌යොදවා ආරක්ෂාව සලසන්නට කටයුතු කරන බව ය.

තව ද නත්තල් දින කිහිපය තුළ ‌මෙන් ම ඉදිරියේදී යෙදෙන වර්ෂ අවසාන නිවාඩුව තුළ ද දිවයින පුරා පොලිස් නිලධාරීන්, බුද්ධි නිලධාරීන්, රථවාහන නිලධාරීන් යොදවා ආරක්ෂාව සලසන්නට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.