FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය අද පස්වරුවේ යථා තත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රියවී ඇති දෙවන ජනන යන්ත්‍රය බොහෝ දුරට අද (22) සවස වනවිට යථා තත්වයට පත්කර සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට හැකියාව ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

එසේ වුවහොත් අද (23) දිනයේදී විදුලිය කප්පාදු කිරීමට අවශ්‍ය නොවනු ඇති බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ.

යම් හෙයකින් අද දිනයෙදිීත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන්නේනම් ඒ පිළිබඳ පස්වරුවේ මහජනතාව වෙත දැනුම් දෙන බවද ඔහු සඳහන් කළා.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රයක දෝෂයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විනාඩි 45ක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවුණා.