FAST NEWS

24×7 Around the Globe

කිරිපිටි මිලත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවිය හැකිබව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අවසන්වරට මෙරටතුල කිරිපිටි මිල ඉහළ දැමීමෙන් පසුව මේ දක්වා ලෝක වෙළඳපලේ කිරිපිටි මිල සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.

මෙරට තුළ පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව කිරිපිටි ආනයනකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත් දැනට පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත් අශෝක බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.