FAST NEWS

24×7 Around the Globe

අද සිට ස්ටිකරය සහිත නව සිලින්ඩර්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් උපදෙස් අනුව පමණක් ගෑස් සැපයුම ක්‍රියාත්මක කරන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට දැනුම් දෙන ලෙස පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

එම උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දෙනු ඇති බවත් එම සමාගම් ඒ අනුව කටයුතු කිරීමට බැදී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කලා.

මේ අතර සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් අද සිට වෙළදපළට නිකුත් කරන බව තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව අදාළ ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් අගය සියයට 30 ක් සහ බියුටේන් අගය සියයට 70 ක් ලෙස පවතිනු ඇති.

එසේම ගන්ධය හඳුනා ගැනීම සඳහා එක් කරන මර්කැප්ටන් සංයුතිය ද සියයට 14 ක් ලෙස ගෑස් සිලින්ඩර්වල පවතින බවද අමාත්‍යංශය කියා සිටියා.