FAST NEWS

24×7 Around the Globe

ප්‍රියන්ත කුමාර ඝාතනය : පාකිස්ථාන පාර්ලිමේන්තුවේ විවාදය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේ සියල්කොට් නුවර දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේදී විවාදය අද(20)දින ආරම්භ වනවා.

එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තීරණයකට අනුවයි, මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අද සහ අනිද්දා දින මෙම විවාදය පැවැත්වෙන බවටයි, මීට පෙර එරට මාධ්‍ය වාර්තා නිවේදනය කළේ.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සංඛ්‍යාව 85ක්.