FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරුවලින් තවුෆීක්’ව ඉවත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆීක් දැරූ තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

ඊට අමතරව ඔහුව උත්තරීතර මණ්ඩලයෙන්ද ඉවත් කර ඇති බවයි එම පක්ෂයේ මහලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කළේ.

එමෙන්ම මන්ත්‍රීවරයාට එරෙහිව මුස්ලිම් කොංග්‍රසය විසින් විනය පරීක්ෂණයක්ද සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

අයවැය දෙවන වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුගේ පක්ෂ තනතුරු අත්හිටුවීමට ද මීට පෙර කටයුතු කෙරුණා.