FAST NEWS

24×7 Around the Globe

ජනපති පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීම 2022/01/18 දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.