FAST NEWS

24×7 Around the Globe

ඔමික්‍රොන් වැළැක්වීමට තුන් වැනි මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වැළැක්වීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නො වන බව බිර්තාන්‍යා විද්‍යාඥයින් පවසනවා.

ඒ එරට ඔමික්‍රොන් සහ ඩෙල්ටා ආසාදිතයන් ආශ්‍රයෙන් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව යි.

නව ප්‍රභේද එන්නත්කරණයෙන් ලබන ප්‍රතිශක්තිය මඟහැර යාමට සමත් වුවත් තුන් වැනි හෙවත් වර්ධක මාත්‍රාව මඟින් ඊට රැකවරණයක් සැලසෙන බවයි බිර්තාන්‍යා සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කළේ.

තුන් වැනි මාත්‍රාවෙන් රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදනය 75% කින් පමණ වළක්වන බව එහි දී තහවුරු වී තිබෙනවා.