FAST NEWS

24×7 Around the Globe

මුදල් වංචා කළ 4 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකරුවන් 4 දෙනෙකු මාතලේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ හිග විශ්‍රාම වැටුප් හා දීමනා ලබාදීමට සහාය වන බව ප්‍රකාශ කරමින් ඔවුන් මෙම වංචාව සිදුකර තිබෙනවා. මෙසේ හිග මුදල් ලබා ගැනීමට නම් යම් මුදලක් ගෙවිය යුතු බවත් ඒ සදහා මුදල් හෝ රන් භාණ්ඩ වලින් අදාළ ගෙවීම් සිදුකර ඇති බව ප්‍රකාශ කරමින් වංචනික කාර්යයේ නිරතව තිබෙනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් තවත් සැකකරුවන් දෙදෙනෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.