FAST NEWS

24×7 Around the Globe

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද ගනේමුල්ල පොල්හේන සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය මීගමුව මහ රෝහල වෙත රැගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි.