FAST NEWS

24×7 Around the Globe

“මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරුයි” – කථානායක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීමක් කළ බවද කථානායකවරයා පැවැසීය.

මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීම කථානායකවරයා වශයෙන් තමන්ගේ මූලික වගකීමක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.