FAST NEWS

24×7 Around the Globe

ලිට්‍රො ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලිට්‍රො සමාගම වෙළෙඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩර දැක්වෙන අයුරුය.