FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සාග සමුළුවේ සමාරම්භක දේශනය ජනපතිගෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට වේලාවෙන් ඊයේ (03දා) රාත්‍රී 10ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට ළඟා විය.

අබුඩාබි අන්තර් ජාතික ගුවන් තොටුපොළට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එරට ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා ඇතුළු තානාපති කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබිණ.

ජනාධිපතිවරයා අද (04) පෙරවරුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිත අතර, “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වරුවේ ඇරඹෙන පස්වන ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාරම්භක දේශනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති.