FAST NEWS

24×7 Around the Globe

ලාංකිකයා මරා දැමූ පාකිස්තානුවෝ 100ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කළමණාකරුවෙක් පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 100ක් පමණ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම ඊයේ සිදුවූ අතර ශ්‍රී ලාංකිකයා කෘර ලෙස ඝාතනය කිරීම සඳහා පාකිස්තානුවන් මෙහෙයවූ ප්‍රධාන සැකකරුද ඒ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉස්ලාම් ශුද්ධ වැකි සහිත පෝස්ටරයක් ඉරා දැමීමේ සිදුවීමක් මත මෙසේ ශ්‍රී ලාංකිකයා කෘර ලෙස ඝාතනය කර ඇති බවට මේ වන විට පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ.