FAST NEWS

24×7 Around the Globe

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය ත් නැති වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, විදුලිය ඇණහිටීම මෙම තත්ත්වයට බලපා ඇති බව ය.

විදුලිය ඇණහිටීම නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය අක්‍රිය වී ඇතැයි එම මණ්ඩලය පැවසීය.

මේ අතර, දිවයින පුරා විදුලිය ඇණහිටීම තවදුරටත් පවතී.