FAST NEWS

24×7 Around the Globe

අද සිට ගෑස් නැවේදී ම පරීක්ෂාවකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට ගෙන්වන ගෑස් වරායට ඇතුළු කර ගැනීමට පෙර නෞකා තුළටම ගොස් අදාළ ආයතන මගින් ඒවායේ ප්‍රමිතිය, තත්ත්වය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එමෙන්ම ගෑස් සමාගම්වල සිට වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ගෑස් සහ සිලින්ඩර පරීක්ෂා කිරීමේ කටයුතුද අද සිට ආරම්භ කරන බවයි.

එහිදී පූර්ව ආරක්ෂක උපාය මාර්ගයක් ලෙස ගෑස්වලට ගන්ධය ලබා ගැනීම සඳහා එක් කෙරෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව ද පරීක්ෂණ කටයුතු සිදුකරන බව ඔහු කියා සිටියා.