FAST NEWS

24×7 Around the Globe

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වී අලෙවි මණ්ඩලය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන නීල් ද අල්විස් මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මේ අතර, එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත්කර තිබේ.

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ ඇය ප්‍රාදේශීය ලේකම්වරියක, අධ්‍යක්ෂ ජනරාල්වරියක හා පළාත් ප්‍රධාන ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති වසර 32ක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.