FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමේ සූදානමක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.

වසර 52ක් පැරණි තාක්ෂණයක් මෙම පිරිපහසුවේ තිබෙන බැවින් විකිණීමකට ඉල්ලුමක් ඇති වන බවට තමා නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් අද (01දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඉන්දන මිල සංශෝදනය නොකිරීම හේතුවෙන් මෙම වසරේ පළමු මාස 10 තුල පමණක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව කෝටි 7,000ක් පාඩුවක් ලබා තිබෙන බව එම අවස්ථාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.