FAST NEWS

24×7 Around the Globe

පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෞද්ගලික බස්රථ පාසල් සේවා ගාස්තු සීයට විස්සකින් ඉහළ දැමූ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා පෞද්ගලික සංගමය නිවේදනය කරයි.

ඉන්ධන මිල ඉහළ යාම, වාහන නඩත්තු කටයුතුවල මිල ඉහළ යාම හා අමතර කොටස්වල මිල ඉහළ යාම වැනි ආර්ථික ගැටලු හමුවේ මෙම තීරණයට එළැඹුණු බවත් ගාස්තු වැඩි වීමේ උපරිමය දුර ප්‍රමාණ අනුව රුපියල් පන්සීයක් වන බවත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා සංගමයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක එම්. සුසිල් ප්‍රේමරත්න මහතා පැවැසීය.

මෙම වැඩි කළ ගාස්තු අයකිරීම ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන බව පැවසීය.