FAST NEWS

24×7 Around the Globe

පහළ කඩුගන්නාව කොටස යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෑගල්ල හා කඩුගන්නාව අවට පවතින අධික වර්ෂාව හේතුවෙන් වසා දමා තිබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද පෙරවරු 6.00 ට නැවත විවෘත කෙරුණා.

ඊයේ රාත්‍රී 12 සිටයි එය වසා දමනු ලැබුවේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට යළිත් නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

කළුතර / මහනුවර / මාතලේ / කුරුණෑගල / රත්නපුර / කොළඹ / කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහායි මෙම නායයෑමේ අනතුරු ඇගවීම බලාත්මක වන්නේ.