FAST NEWS

24×7 Around the Globe

පාලම් පාරු අනතුරෙන් තවත් දරුවෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරුංඤ්ඤන්කේනි ප්‍රදේශයේදී පසුගිය 23 වනදා පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ හය හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

එම දරුවා ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස මියගොස් ඇත.

ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබේ.