FAST NEWS

24×7 Around the Globe

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාර දී තිබෙනවා.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටින්නේ මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මංජු ලලිත් වර්ණකුමාරයි.