FAST NEWS

24×7 Around the Globe

කල්‍යානි රන් පිවිසුම අද සිට විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කල්‍යාණි රන් පිවිසුම නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380ක්.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ, පැකේජ් දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති බවයි.

පළමු පැකේජය වන වානේ නිමවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539ක් වැයකර ඇති අතර, දෙවන පැකේජය වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 9,896ක්.

මෙම පාලම ඉදිකිරීම සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ ජයිකා හෙවත් ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයයි.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එකිනෙක සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුළු වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් සිදු ව තිබෙනවා.

එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නො වීම හේතුවෙන් 2012 වසරේදී මූලික සැලසුම් සකස් කර 2014 වසරේ දී අධිතාක්ෂණික කේබල් යොදා නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.