FAST NEWS

24×7 Around the Globe

අයවැයට පක්ෂ වූ රිෂාඩ්ගේ පක්ෂ සාමාජිකයින්ට සාමාජිකත්වය අහෝසි වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ, අයවැයට පක්‍ෂව ඡන්දය දුන් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයේ මහලේකම් එස්.සුපර්දීන් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂ්හාක් රහ්මාන්, අලි සබ්රි රහීම් සහ මුෂාරෆ් මුදුනබීන් යන අයගේ පක්ෂ සාමාජිකත්වය අද අත්හිටු වන බවටත්, ඔවුන්ට එරෙහිව පක්ෂයෙන් විනය පියවර ගන්නා බවයි.