FAST NEWS

24×7 Around the Globe

ෆයිසර් මාත්‍රා ලක්ෂ 15 ක් කටුනායකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන් වෙත 03 වන මාත්‍රාව ලෙස ලබා දීම සදහා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් අද අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

කිලෝග්‍රෑම් 5,055 ක් බරැති මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට පළමුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙනැවිත් තිබුණා.

අනතුරුව මෙම එන්නත් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද අලූයම 12.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.