රිෂාඩ්ගේ පක්ෂය 2022 අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරයි

රිෂාඩ්ගේ පක්ෂය 2022 අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) 2022 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

ඊයේ(21) රාත්‍රියේ පැවති පක්ෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකමතිකව තීරණය කළ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය ප්‍රකාශ කළේය.

මේ නිසා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හතර දෙනාටම අයවැයට විරුද්ධව ඡන්දය දෙන ලෙස දන්වා ඇත.

COMMENTS

Wordpress (0)